- උදෑසන 7.15 වන විට දරුවා පාසලට පැමිණිය යුතු අතර පන්ති පිරිසිදු කර ගැනීම සඳහා සියඵම දරුවන් බැඳී සිටී..
- දරුවාගේ නිල ඇඳුම පාසලේ නීති රීති වලට අනුව විය යුතු අතර එය පිරිසිදුව හා පිළිවෙලට තිබිය යුතුය.
- සියලුම සිසුන් පාසලට පැමිණෙන විට හා පිටවන විට බුදු පිළිම වහන්සේට දොහොත් මුදුන් දී වැදිය යුතුය.
- යමි කිසි හේතුවක් නිසා සිසුවා පාසලට නොපැමිණියේ නම් නොපැමිණීමට හේතුව ගුරු දෙගුරු පොතෙහි සටහන් තැබිය යුතුය.
- පාසල පැවැත්වෙන වේලාව තුළ ගුරුතුමිය /ගුරුතුමාගේ අවසරය නොමැතිව පන්තියෙන් පිටවීම , වෙනත් පන්තිවලට ගොස් සංවාදයේ යෙදීම , පාසල් භූමියේ තැනින් තැන ඇවිදීම් ආදියෙන් වැළකී පාඩම් කාලයෙන් උපරිම ඵල නෙලා ගත යුතුය.
- 6-9 ශ්‍රේණි දක්වා පිරිමි දරුවන් කොට කලිසම ඇදිය යුතුය.එය දණ හිසේ සිට අඟල් 2ක් උසින් තිබිය යුතුය.
- 10-13 දක්වා පිරිමි දරුවන් දිග කලිසම ඇදිය යුතුය.එය පාදයේ වළලුකර දක්වා දික්විය යුතුය.
- සිසුන් නියපොතු කොටට කපා පිරිසිදුව සිටිය යුතුය.
- සිසුන්ගේ හිසකෙස් “ school cut” ආකාරයෙනුත් සිසුවියන්ගේ කොණ්ඩ ගොතා තිබිය යුතු අතර කොටට කපන ලද කොණ්ඩ සුදු ගවුමේ කොළරයේ නොගෑවිය යුතුය.
- සියලුම සිසුන් පාසලේ ශිෂ්‍ය නායකයන්ට ගරු කළ යුතු අතර පාසලේ විනය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට සහයෝගය දැක්විය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි