හදබැති ආදර මල් පුද දීලා
නමදිමු ඔබ හරසර පාලා
පිටබැද්දර මහ විදුහල් මාතා
සැරදේවා ජය කෙහෙලි නගා...//
විදු නැණ කිරණින් හා ගුණ සුවඳින්
සිප් සතරෙහි මදු මිහිරි ලබා
සුරැ විරැවන් බිහි වී ඔබ තුරැලේ
රට දැය සමයට සෙත දේවා
ලක් දෙරණෙහි කිතු යසස් උදානය
මව්නි ඔබේ නාමය වේවා ...//
සියවස් ගනණක දැයට සුවඳ දෙන
විදුහල් මාතාවක් වේවා...
