මාර/ පිටබැද්දර ජාතික පාසලේ ඉතිහාසයෙන් බිඳක් ....
වර්තමානයේ මාර/ පිටබැද්දර ජාතික පාසල නමින් හඳුන්වන මෙම විද්‍යාලය 1927 .01.06 වන දින මාතර පිටබැද්දර නම් ප්‍රදේශයේ දැනට පවතින පොලිස් ස්ථානය අසල පොල් අතු සෙවිලි කරන ලද කුඩා ප්‍රමාණයේ ගොඩනැගිල්ලකින් ආරම්භ කර ඇති අතර ගොරකවෙල සිංහල මිශ්‍ර පාඨශාලාව ලෙස එය හඳුන්වා ඇත.

ආරම්භයේ දී මෙම විද්‍යාලයට අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් 129 දෙනෙකු පැමිණ ඇති අතර විදුහල්පතිවරයා සහ තවත් එක් ගුරුවරයෙකු ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත
මුල්ම විදුහල්පතිවරයා ඒ.ඩී මුණසිංහ මහතා වන අතර ඔහු 1924 සිට 1931 දක්වා කාලය තුළ ඔහු මෙම පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. එවකට මෙම ප්‍රදේශයේ සිටි කේ .ජී විමලසේන මහතාගේ පරිත්‍යාගයක් ලෙස මල්පුදනාගම ප්‍රදේශයේ අක්කර 2 ක ප්‍රමාණයක් 1932 වර්ෂයේ දී මෙම විද්‍යාලයට පරිත්‍යාග කර ඇති අතර පසුව එම ස්ථානයේ ස්ථිර ලෙස විද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.
එවකට මෙම විද්‍යාලයේ ප්‍රාථමික සහ ද්විතීයික අංශ තිබී ඇත. 2008 වර්ෂයේදී මෙම විද්‍යාලය නවෝද්‍යා පාසල ලෙස ප්‍රකාශ කර ඇත. ඉන්පසු 2012 වර්ෂයේදී එවකට සේවය කළ විදුහල්පතිවරයා වන පී .එන් හේමපාල මහතාගේ සේවා කාලය තුළ දී ප්‍රාථමික අංශය ඉවත් කර මාර/ පිටබැද්දර ද්විතීයික පාසල ලෙස මෙම විද්‍යාලයට නම් තබා ඇත.
2015 වර්ෂයේ දී මෙරට ජනාධිපති වරයා වූ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරිත්‍යාගයක් ලෙස මෙම විද්‍යාලයට මහින්දෝදය විද්‍යාගාරය පිරිනමන ලදී. 2018 වර්ෂයේ දී මෙරට ජනාධිපතිවරයා වූ අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිත්‍යාගයක් ලෙස නව තාක්ෂණ පීඨය පිහිටුවන ලදී ඉන්පසු 2021 වර්ෂය දක්වා පැවති ද්විතික පාසල නමින් හැඳින්වූ මෙම පාසල මාර/ පිටබැද්දර ජාතික පාසල ලෙස වෙනස් විය .
මෙසේ පොල් අතු මඩුවකින් ආරම්භ වූ මෙම පාසල අද වන විට සුවහසක් දරුවන්ගේ නැණස පාදන සිසුන් දහසකටත් අධික ප්‍රමාණයකට ඉගෙනුම ලබා දෙන නවීන පහසුකම්වලින් සමන්විත දෙනියාය කලාපයේ විශිෂ්ට පාසලක් වී ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1927 .ඡනවාරි.06 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
129 |
|
මුල් ගුරුතුමාගේ නම |
- |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ගොරකවෙල සිංහල මිශ්‍ර පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
- |
|
පාසල රජයට පවරාගත් දිනය |
- |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මාතර පිටබැද්දර නම් ප්‍රදේශයේ දැනට පවතින පොලිස් ස්ථානය අසල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
- |